Best News Website award
brand logo
logo
නොර්වුඩ්හිදී කැබ් රථයකින් ඇද වැටී 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

නොර්වුඩ්හිදී කැබ් රථයකින් ඇද වැටී 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

26 November 2026


නොර්වුඩ්, වෙන්චර් උඩ කොටස ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කැබ් රථයක පිටුපස ගමන් ගත් දැරියක් ඉන් බිමට ඇද වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් තිබේ.


නොර්වුඩ් දෙස සිට වෙන්චර් අක්කර 50 දෙසට ගමන් කළ කැබ් රථයකින් ඊයේ (25) පස්වරුවේ ඇය මෙලෙස ඇද වැටී ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අක්කර 50 ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි දැරියකි.


අනතුර සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, නොර්වුඩ් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..