බුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කල පුද්ගලයෙකු අත්අඩංගුවට
01 October 2026
බුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කල පුද්ගලයෙකු අත්අඩංගුවට
01 October 2026
බුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථානයන් වෙත ප්‍රහාරයක් එල්ලකරන බවට ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉතිරිපත් කර තිබුණි.
ඒ බුදු රජාණන් වහන්සේට අපහාස කරමින් හා දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය හා දඹුලු විහාරය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන කිහිපයක් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන බවට වට්ස්ඇප් සමූහයක් තුළ ප්‍රචාරය කරන බවට පවසමින්ය.
ඒ අනුව පරිඝණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී තිබුණේ, සැකකරු 21 හැවිරිදි ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ සොයාබැලීමේහී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී බුදුන්වහන්සේගේ රුව විකෘතිකර සකසන ලද ඡායාරූප කිහිපයක්ද සොයාගෙන තිබේ.
එමෙන්ම සැකකරු ප්‍රධාන ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ලකරන බවට පවසමින් වට්ස්ඇප් හරහා පණිවිඩ හුවමාරු කර තිබීම ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
ඔහු එය හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බවට සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.
ඒ අනුව ඔහුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

