"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහනේ නව නිවසකට මුල්ගල තබයි
19 September 2026
"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහනේ නව නිවසකට මුල්ගල තබයි
19 September 2026
ගල්නෑව - පලාගල 690 කරවිලගල වසමේ "යතිවර මාපිය නිවහන" යටතේ නව නිවස සඳහා මුල්ගල තැබීමේ ජාතික වැඩසටහන, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලිණ සමරකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අද (19) පැවැත්වුණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 690 කරවිලගල වසමේ, නෑගමපාර, කරවිලගල, පලාගල ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. මුතුමැණිකා මහත්මියට මෙම නිවස හිමි වීය.
මෙම නිවස ඉදි කෙරෙන්නේ, පැවිදි දිවියට ඇතුළත්ව 25 වසරක් සම්පූර්ණ කළ, බමුණුගම, පලාගල පිහිටි ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ වැඩ වාසය කරන කොස්ගහහින්නේ වජිරඤාණ හිමියන්ගේ මෑණියන් වෙනුවෙනි.
මේ සඳහා ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සහ පලාගල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලදාරීන්,නිවාස සංවර්ධන අධිකාරියේ නිලදාරීන්,පලාගල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව සිටියා

