නාවලපිටියේ අතුරුදහන්වූවෙකු සෙවීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවයි
06 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටියේ අතුරුදහන්වූවෙකු සෙවීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවයි
06 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය වෙරළුගල්ලේ ප්‍රදේශයේ පුද්ගලයකු අතුරුදහන්ව ඇති බවට නාවලපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත මහවැලි ගගේ බව්වාගම කළු පාලම දෙපස නාවික හමුදා කිමිදුම් කරුවන් යොදා සෝදිසි මෙහෙයුමක නිරත බව නාවලපිටිය පොලිසිය පවසයි.
වයස අවුරුදු හැත්තෑවක දෙදරු පියෙක් පසුගිය (04) දින උදෑසන සිට නිවසින් අතුරුදහන් බවට පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත අදාල පුද්ගලයා දෙකිද නාවලපිටිය ළංගම බස් රථයකින් බව්වාගම කළු පාලම අසලින් අවසන් වරට බැස ගොස් ඇති බවට කොන්දොස්තරවරයාගේ ප්‍රකාශයක් සමග නාවික හමුදා
කිමිදුම්කරුවන් කැඳවා එම ස්ථානය පරීක්ෂා කළ බව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.ම්. කුලතුංග ප්‍රකාශ කරයි.
පැවති අයහපත් කාලගුණයත් සමග මහවැලි ගඟෙහි ජල මට්ටම වැඩිවී බොර පැහැ වී තිබුණත් දැඩි පරිශ්‍රමයකින් ඊයේ (05) දිනය පුරා නාවික හමුදා කිමිදුම්කරුවන්ට සහ ස්වේච්ඡා ජීවිත ආරක්ෂක කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් සිදුකල අතර, මේ වන තෙක් අතුරුදහන් වූ පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොලැබුණු බවයි පොලිසිය ප්‍රකාශ කරයි.
අතුරුදහන් ව ඇති පුද්ගලයා අතුරුදහන් වීමට දින දෙකකට ප්‍රථමයෙන් ශල්‍යකර්මයක් සිදු කර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහලෙන් පිටව නිවසට පැමිණ ඇති බවත් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නාවලපිටිය පොලිසිය මගින් තවදුරටත් සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

