ඇමති අනිල් ජයන්ත ඕමාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවක
13 August 2026
ඇමති අනිල් ජයන්ත ඕමාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවක
13 August 2026
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඕමාන ව්‍යාපාරිකයන් යොමු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Al Rashidi මහතා, ඕමානයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක Pankej Khimji මහතා සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (13) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව පැසසුම් පළ කළ ඕමාන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව එරට ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර ඔවුන් මෙරට ආයෝජන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී ඕමානයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක Pankej Khimji මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළ ආයෝජන කෙරෙහි ඕමාන ව්‍යාපාරිකයන්ගේ වැඩි උනන්දුවක් පවතින බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ රජය අනුගමනය කරන මූල්‍ය විනය සහ විනිවිදභාවය ජාත්‍යන්තර ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන කෙරෙහි විශ්වාසය සහ උනන්දුව වර්ධනය කිරීමට හේතු වී ඇති බවයි.
දෙරට අතර ආර්ථික සහ ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

