අසල්වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙසට හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලයි
14 March 2026
අසල්වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙසට හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලයි
14 March 2026
අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස පලස්තීනයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම මෙම යුද්ධය නතර කිරීමට මැදිහත් වන ලෙස ඔවුන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් කලාපීය මෙන්ම ලෝක සාමයට ද බාධාවක් ඇති වනු ඇති බව හමාස් සංවිධානය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර නීතිය උල්ලංගනය කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර කර ඇති බව ද ඔවුන් අවධාරණය කරයි.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලය ඇතුළු බොහෝ රටවල් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

