brand logo
logo
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

12 July 2026


ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 


දෛනික කාලගුණ අනාවැකිය සිදු කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවය. 


බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව ද සඳහන්ය. 


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාතේ සහ මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති වේ. 

 

More News..