මත් වී බස් පදවන රියදුරන් හා කොන්දොස්තරවරුන් මොරටුවෙන් අල්ලයි
05 February 2026 | දර්ශාන් කානිල් - මොරටුව
මත් වී බස් පදවන රියදුරන් හා කොන්දොස්තරවරුන් මොරටුවෙන් අල්ලයි
05 February 2026 | දර්ශාන් කානිල් - මොරටුව
මොරටුව බස් නැවතුම්පොළෙන් පිටත් වන බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සෝදිසි කිරීම සඳහා හදිසි වෛද්‍ය පරීක්ෂණයක් අද (5) උදෑසන සිට සිදු කෙරුණි
මොරටුව සහ ගල්කිස්ස පොලිස් ස්ථානවල නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු රවී වෙත්තසිංහ ඇතුළු නිලධාරීන් රැසක් මෙම හදිසි පරීක්ෂාව සිදු කරනු ලැබූ අතර පැය 6 ක පමණ කාලයක් සිදු කරනු ලැබූ මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 250 ක් පමණ වෛද්‍ය පරික්ෂණයට ලක් කර තිබේ.
එහිදී පුද්ගලයින් 8 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වූ බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීණි සමරසේකර මහත්මිය සඳහන් කළේ.
එහිදී ගංජා මත්ද්‍රව්‍ය පානය කරන අයවලුන් පස්දෙනෙකු, හෙරොයින් පානය කරන එක් අයෙකු, අයිස් මත්ද්‍රව්‍ය පානය කරන එක් අයෙකු සහ අයිස් , හෙරොයින් දෙකම පානය කරන එක් අයෙක් වශයෙන් මුළු ගණන 08 දෙනකු මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ අයවළුන් මොරටුව පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි මොරටුව රථවාහන ස්ථානාධිපතිවරයා සඳහන් කලේය.
මෙම හදිසි වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලැබුවේ, මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එකතුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම වෛද්‍ය පරීක්ෂණාගාරයේදී යි.

