වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
09 March 2026
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
09 March 2026
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ඒ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා මෙම ධුරයට පත් වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.

