brand logo
logo
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

23 September 2026

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.


බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 05:30 වන විට උතුරු අක්ෂාංශ 18.0°N සහ නැගෙනහිර දේශාංශ 84.7°E ආසන්නයේ පැවතුණි.


මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.


පහත සිතියමේ ''Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.


උතුරු අක්ෂාංශ 07°N ත් 22°Nත් සහ නැගෙනහිර දේශාංශ 83°E ත් 95°Eත් අතර මුහුදු ප්‍රදේශ වල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලබයි.


මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටි නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.


අද (23) පෙරවරු 10ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 12 දක්වා වලංගු වෙයි.

 

More News..