brand logo
logo
බංගලි කෙල්ලකට අවමන් කළැයි මල්කිට අයි.සී.සී.යෙන් අවවාද

බංගලි කෙල්ලකට අවමන් කළැයි මල්කිට අයි.සී.සී.යෙන් අවවාද

23 October 2025

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩක චර්යා ධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙන් අවවාද හිමිව තිබේ. ඒ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පසුගියදා බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ඇය කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව කරන ලද සැමරීම ස්‍රිකට් චර්‍යා ධර්මවලට අනුකූල නොවීම හේතුවෙනි.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්‍යා ධර්මවලට අනුව පළමු කාණ්ඩයේ වරදක් ලෙස 25.2 වගන්තිය යටතේ දැක්වෙන, “ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු දැවී ගිය පසු ඇයව අවමානයට ලක් කරන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම” යන වරද මල්කි මෙහිදී සිදු කොට ඇතැයි සඳහන් වේ. තරගයේ 11 වැනි පන්දුවාරයේ මල්කි යොමු කළ පන්දුවකට බංග්ලාදේශ ක්‍රීඩිකා ෆෝර්ග්නා හක් හර්ශිතා සමරවික්‍රම විසින් දුවද්දී දැවීයාමකට ලක්කර ගැනීමෙන් අනතුරුව මල්කි මෙම සැමරුම සිදුකොට ඇත.


මාස 24ක කාල පරාසයක් ඇතුළත මල්කි විසින් සිදු කළ ප්‍රථම ආචාර ධර්ම උල්ලංඝණය මෙය වීම හේතුවෙන් ඇයට දඩ පැනවීමකින් තොරව අවවාද සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇත. මල්කි විසින් සිය වැරැද්ද සහ ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ සාමාජිකාවක් වන ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස් විසින් යෝජිත දඬුවම පිළිගැනීම හේතුවෙන් ඇයට විධිමත් චෝදනා විභාගයකින් වැළකී සිටීමට හැකිව තිබේ. එම තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස කටයුතු කළ, කැන්ඩේස් ලා බෝර්ඩ් සහ සාරා දම්බනේවානා මෙන්ම තෙවැනි විනිසුරු ලෝරන් ඒජන්බැග් සහ සිව්වැනි විනිසුරු ක්ලෙයාර් පොලොසැක් විසින් ඇයට එරෙහි චෝදනාව ඉදිරිපත් කර ඇත.


 

More News..