brand logo
logo
සිව්වන කාර්තුවේ විදුලි ගාස්තුව ඉහළ දැමීමට යෝජනා

සිව්වන කාර්තුවේ විදුලි ගාස්තුව ඉහළ දැමීමට යෝජනා

04 November 2026

2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබේ.


ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් එම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කර ඇත.


කෙසේ වෙතත්, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුවය.

මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බව PUCSL සඳහන් කරයි.

 

More News..