Best News Website award
brand logo
logo
ඉන්දියාව සහ ජපානය අතර නව ආරක්ෂක එකඟතාවක්

ඉන්දියාව සහ ජපානය අතර නව ආරක්ෂක එකඟතාවක්

21 November 2026


ජපානයේ සහ ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුදා සහ ආයුධ කර්මාන්ත සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඒ අනුව ස්වයං ආරක්ෂක හමුදාවන්ට සජීව උණ්ඩ සහිත මිසයිල පුහුණුව සඳහා ඉන්දියානු පරාසයන් භාවිත කිරීමට ඉඩ දීමද ඊට ඇතුළත් බව පැවසෙයි.


ටෝකියෝ නුවර පැවති විශේෂ හමුවකදී ජපාන ආරක්ෂක ඇමති සහ විදේශ ඇමති ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.


මෙහිදී දෙපාර්ශ්වයම අත්තනෝමතික අපනයන සීමා කිරීම් සහ වෙළෙඳපොළ නොවන ප්‍රතිපත්ති හරහා සිදුකරන ආර්ථික බලපෑම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති බවද සඳහන්ය.


තායිවාන අර්බුදයකදී ජපාන හමුදා මැදිහත්වීමේ හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය සනායි තකයිචි පසුගිය නොවැම්බර් මාසයේදී කළ ප්‍රකාශයෙන් පසුව ඇතිවූ දැඩි මතභේදය මධ්‍යයේ, චීනය විසින් ජපාන සමාගම් රැසක් අපනයන අසාදු ලේඛනයට ඇතුළත් කර තිබුණි.


ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය එක් කරන Quad කණ්ඩායමේ නායකයින් ද මෙම සතිය මුලදී චීන ආර්ථික බලපෑම් පිළිබඳව මෙවැනිම කනස්සල්ලක් පළ කර තිබුණි.

 

More News..