සෞදි අරාබියේ සංචාරය කිරීමට සැරසෙන ලාංකිකයන්ට දැනුම්දීමක්
13 October 2026
සෞදි අරාබියේ සංචාරය කිරීමට සැරසෙන ලාංකිකයන්ට දැනුම්දීමක්
13 October 2026
සෞදි අරාබිය තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් එරට සංචාරය කරනු ලබන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් සෞදි අරාබිය වෙත පැමිණෙන සහ ආපසු යන ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බවය.
මේ හේතුවෙන් උම්රා වන්දනා චාරිකාවේ නිරත වීමට අපේක්ෂා කරන වන්දනාකරුවන් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසටද එම කාර්යාලය සිය නිවේදනය මගින් දැනුම්දී තිබේ.
ඒ අනුව වන්දනාවේ නිරත විමට බලාපොරොත්තුවන පිරිස් සිය සංචාරක කටයුතු සැලසුම් කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත් අදාළ උම්රා කණ්ඩායම් නියෝජිතයින් හෝ සංචාරක නියෝජිතයින් සමග සමීප සම්බන්ධතාවයකින් පසුවන ලෙසත් එම කාර්යාලය උපදෙස් ලබා ඇත.
තවද හදිසි අවස්ථාවකදී හෝ අනපේක්ෂිත තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා සුදුසු විකල්ප සංචාරක සැලසුම් තමන් සතුව පවතින බවට වන්දනාකරුවන් සහතික විය යුතු බවද එම කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

