brand logo
logo
කොළඹ හෝටල් සේවකයන් වතුකරයේ වැඩට ගිහින්

කොළඹ හෝටල් සේවකයන් වතුකරයේ වැඩට ගිහින්

18 February 2026 | සාලිය කුමාර ගුණසේකර


කොළඹ හෝටල්වල සේවය කළ වතුකරයේ පුද්ගලයන් බොහෝ දෙනකු සිය රැකියා අතහැර වතුකරයේ රැකියාවලට යෑම හේතුවෙන් හෝටල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද හෝටල් හිමියෝ කියා සිටිති. වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ යාම හේතුවෙන් මෙලෙස වතුකරයේ බොහෝ දෙනකු කොළඹ හෝටල්වල රැකියාවලින් ඉවත්වී ඇත.


වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා කටයුතු කළේය.


බොරැල්ල, මරදාන ඇතුළු කොළඹ හෝටල් රැසක වේටර්, සූපවේදී ඇතුළු සේවා කටයුතුවල නිරතවී සිටි බහුතරයක් වතුකරයේ පදිංචි පුද්ගලයෝය.


 

More News..