රතු මුහුදු වෙරළ තීරයේ පාලනය හුති කැරලිකරුවන් අතට
12 September 2026
රතු මුහුදු වෙරළ තීරයේ පාලනය හුති කැරලිකරුවන් අතට
12 September 2026
යේමනයේ ඉරාන ගැති හුති කැරලිකරුවන් විසින් එරට සම්පූර්ණ රතු මුහුද වෙරළ තීරයේම පාලනය අල්ලාගෙන ඇති බව ජාත්‍යන්තරව පිළිගත් රජයේ හමුදා නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම වර්ධනයත් සමඟ එම තීරණාත්මක ජල මාර්ගය මත කැරලි කණ්ඩායමේ පාලනය තවදුරටත් තහවුරු වී ඇත.
සෞදි තෙල් අපනයන කප්පාදු කිරීමේ අරමුණින් බාබ් අල්-මන්දාබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් මයුන් දූපත (Mayyun Island) සහ මහා හා කුඩා හැනිෂ් දූපත් (Greater and Lesser Hanish islands) හුතිවරුන් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව, "රතු මුහුද වෙරළ තීරයේ රජයේ පාලනය යටතේ පැවති සියලුම භූමි ප්‍රදේශ දැන් අහිමි වී ඇතැයි" අදාළ හමුදා නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, යේමනයේ මොකා ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සෞදි හමුදා විසින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව හූතිවරුන්ට සම්බන්ධ අල්-මසිරා (Al-Masirah) නාලිකාව වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

