brand logo
logo
ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

07 April 2026

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.


වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.


එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය.


වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ


 

More News..