brand logo
logo
  වසර 108කට පසු මූඩීස් අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමයි

වසර 108කට පසු මූඩීස් අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමයි

17 May 2025


මූඩීස් ණය ආයතනය විසින් එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ.


ඒ වසර 108කට පසුවයි.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මූඩීස් ආයතනය ඊයේ සිට ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම AAA ( ත්‍රිපල් ඒ ) මට්ටමේ සිට Aa1 දක්වා එක් මට්ටමකින් පහළ දමා ඇති බවයි.


පසුගිය දශකයක කාලය තුළ කැපී පෙනන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම එලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට හේතු වූ බව මූඩිස් ආයතනය පැවසුවේ ය.


මේ වනවිට රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 කි.


1917 වසරේ සිට එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළම මට්ටම හෙවත් AAA ( ත්‍රිපල් ඒ )මට්ටමේ රඳවා තැබීමට මූඩීස් ණය ආයතනය විසින් කටයුතු කර තිබුණි.


මීට පෙර ෆිච් රේටින්ග්ස් සමාගම 2023 වසරේදී සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් සමාගම 2011 වසරේදී අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කළේ ය.


මූඩීස් යනු ණය ගැතියන්ගේ සුදුසුකම් ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයකි.

 

More News..