රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති ධූරයේ වැඩ භාරගනී
18 June 2025
රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති ධූරයේ වැඩ භාරගනී
18 June 2025
රත්නපුර මහනගර සභාවේ නගරාධිපති ලෙස පත් වූ ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා අද (18) සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
ඊට රත්නපුර මහ නගර සභාවට තේරී පත් වූ සභිකවරු ඇතුළු පිරිසක් ඵක්ව සිටියහ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය සභික ධූර 12ක් ද, සමගි ජන බලවේගය සභික ධූර 05 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 05ක් ද, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 02ක් ද, ස්වාධීන කණ්ඩායම් සභික ධූර 01ක් ද, සර්වජන බලය සභික ධූර 01ක් ද, පොදුජන එක්සත් පෙරමුණ සභික ධූර 01ක් ද ලෙස මන්ත්‍රී ධූර දිනා ගනු ලැබීය.
මෙම මස 16 වන දින නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ජන්ද විමසීමේ දී ජන්ද 14ක් ලැබූ ජාතික ජන බලවේගයේ ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා නගරාධිපතිවරයා ලෙස ද, ජන්ද 12ක් ලැබූ සමගි ජන බලවේගයේ සාරංග විතානගේ මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ද තේරී පත්විය.