ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු හෙට දිනයේ සාමාන්‍ය පරිදි
29 November 2026
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු හෙට දිනයේ සාමාන්‍ය පරිදි
29 November 2026
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු හෙට (30) දින සාමාන්‍ය පරිදි සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ, වෘත්තීය සංගම් විසින් සංවිධාන කර ඇති වෘත්තීය සමිති ක්‍රියමාර්ග හේතුවෙන් හෙට දින එම දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බවට සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසිනි.
එම ප්‍රචාරයන් අසත්‍ය බවත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, වීසා සම්බන්ධ කටයුතු ඇතුළත්ව සාමාන්‍ය දිනවලදී සිදු කරනු ලබන සියලුම කටයුතු කිසිදු බාධාවකින් සහ ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.


