ආරුගම්බේ ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය වෙයි
15 October 2026
ආරුගම්බේ ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය වෙයි
15 October 2026
ශ්රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය, ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය බවට පත්ව තිබේ.
2026 වර්ෂය සඳහා 'කොන්ඩේනාස්ට් ට්රැවලර් රීඩර්ස්' ආයතනය විසින් ප්රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය පෙරමුණ ගෙන ඇති බව වාර්තා වෙයි.
සර්ෆින් ක්රීඩාව සඳහා ලොව ප්රසිද්ධම ගමනාන්තයක් වීම ආරුගම්බේ වෙරළ තීරය ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ප්රකාශයට පත් කිරීමට ප්රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.
එම සමීක්ෂණයට අනුව ශ්රී ලංකාවේ තවත් වෙරළ තීරයන් 3ක් ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට පත්ව තිබේ.
ඒ අනුව බෙන්තොට වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර නව වන ස්ථානයට පත්ව ඇති අතර තංගල්ල වෙරළ තීරය 14වන ස්ථානයට හා මීගමුව වෙරළ තීරය එහි 19වන ස්ථානයට පත්ව ඇති බව සඳහන් වෙයි.

