බෝ නොවන රෝගවලින් වසරකට ලොව පුරා මිලියන 20ක් මරුට
10 September 2026 | සුනිල් පියතිලක - කුරුවිට
බෝ නොවන රෝගවලින් වසරකට ලොව පුරා මිලියන 20ක් මරුට
10 September 2026 | සුනිල් පියතිලක - කුරුවිට
සෑම වසරකම බෝ නොවන රෝගවලින් ලොව පුරා පුද්ගලයන් මිලියන විස්සකට ජීවිත අහිමි වන බව ශ්‍රී ලංකා විශේෂ සායනික භෞත චිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති මිතුන් සේනාරත්න පවසයි.
ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය නිමිත්තෙන් පෙරේදා (08 වැනිදා) කුරුවිට රෝස් ගාඩියන් උත්සව ශාලාවේදී පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.
2021 වසරේදී පමණක් මිලියන 43ක් බෝ නොවන රෝග හේතුවෙන් මියගොස් ඇති බවත් එයින් මිලියන 18ක් වයස අවුරුදු 70ට අඩු තරුණ හෝ මධ්‍යම වයස් කාණ්ඩවලට අයත් ශ්‍රමිකයන් වන බව හෙතෙම සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මිතුන් සේනාරත්න මහතා පැවසූයේ බෝ නොවන රෝගවලින් මියයන පිරිසගෙන් සියයට 75ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුව ඇති බවයි.

