brand logo
logo
නිසල අරණේ වෙඩික්කරු අල්ලයි

නිසල අරණේ වෙඩික්කරු අල්ලයි

02 August 2026

විදෙස්ගතව සැඟව සිටින 'සැන්ඩෝ' නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.

කොස්මල්ලී නම් අපරාධකරු විසින් අදාළ වෙඩි තැබීම සඳහා සැකකරුට රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු 2025 වසරේදී සිදුකළ වෙඩි තැබීමකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජුලි 13 ඇප ලබා පැමිණ ඇති අතර පසුව ඉකුත් 17 මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

මේ අතර සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු 2015 වසරේදි යුද හමුදා විශේෂ බලකායෙන් ඉවත් වූ අයෙක් බව සඳහන් වෙයි.

 

More News..