brand logo
logo
වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්  පත් කිරීමට කැබිනට් අනුමැතිය

වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය

18 November 2025

වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන අයි. පී. ඒ. ගුණසේකර මහතා 2025-12-04 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව, පුරප්පාඩු වන වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සිවිල් 3 කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආචාර්ය (ඉංජි.) කේ. වැලිගෙපොලගේ මහතා 2025-12-04 දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

More News..