කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි
30 May 2026
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි
30 May 2026
ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක අද (30) විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවය.
කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද පැවසීය.
විදුලි ඉල්ලුම අඩුවීමත් සමග පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද (30) ප.ව. 3 තෙක් ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

