පෙළපොත් කඩදාසිවලට විකිණීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනා රිමාන්ඩ්
15 August 2026
පෙළපොත් කඩදාසිවලට විකිණීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනා රිමාන්ඩ්
15 August 2026
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, මොවුන් තලංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පළමුවැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගලම පොලිසියට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
ඒ අනුව සිදු කළ විමර්ශන අනුව මෙම සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීමේ හමුවේ අනාවරණ වූයේ, අදාළ පොත් තොගය රවාහනය කළ ලොරි රථ රියදුරු විසින් එම පොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000ක මුදලක් ලබාගෙන ඇති බවය.
අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

