brand logo
logo
අනියම් ඇසුරක් නිසා තිදරු මවක් ඝාතනය කරයි

අනියම් ඇසුරක් නිසා තිදරු මවක් ඝාතනය කරයි

20 February 2026

ගාල්ල නෙළුව සියඹලාහේන ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ.


නෙළුව පොලිසිය පැවසුවේ, ස්වාමිපුරුෂයෙකු විසින් සිය බිරිඳ ඝාතනය කර අද අළුයම පොලිසියට භාරවී ඇති බවයි.


පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඔහු සිය බිරිඳගේ හිස ගෙනවිත් ඇය අනියම් ඇසුරක් පැවැත් වූ බව කියන පුද්ගලයාගේ නිවසේ මිදුලට දමා ඇති බවයි වාර්තා වන්නේ.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක, දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි පොලිසිය සඳහන් කළේය.


ඝාතනයට ලක්වූ කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර මෙම ආරවුල හටගෙන තිබේ.


මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට පැමිණ භාරවී ඇති සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර, ඔහු අද දන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

More News..