iPhone පරිශීලකයින්ගේ WhatsApp ගිණුම් වෙත එල්ලවන නවතම ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්
11 August 2026
iPhone පරිශීලකයින්ගේ WhatsApp ගිණුම් වෙත එල්ලවන නවතම ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්
11 August 2026
ඇපල් ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ නවතම ප්‍රහාරයක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙළිදරව් කිරීමක් කර තිබේ.
එම සංසදය සඳහන් කර ඇත්තේ Zero-Click යනුවෙන් හඳුන්වෙන මෙම ක්‍රියාව iOS 16 මාදිලියේ iPhoneවල ආරක්ෂක දුර්වලතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බවය.
මෙම ප්‍රහාරයට ලක්වූ බොහෝ පිරිස් මේ වන විටත් ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් ඒ අනුව Zero-Click WhatsApp ආරක්ෂක කඩවීම මෙරට තුළ සිදුවෙමින් පවතින බවද තහවුරු කර තිබේ.
එම සංසදය පැවසුවේ ඉතාලියේ ආරක්ෂක විශ්ලේෂණ ආයතනයක් විසින් සිදුකළ පර්යේෂණයකට අනුව WhatsApp හි Linked Device Synchronization ක්‍රියාවලියට බලපාන ආරක්ෂක දුර්වලතා කිහිපයක් එකට භාවිත කරමින් හැකර්වරුන් මෙම ප්‍රහාරය සිදුකරන බවට සැක කරන පළ කරන බවය.
එමෙන්ම මෙම ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයින් සඳහන් කර ඇත්තේ තම WhatsApp ගිණුම්වලින් මුදල් ඉල්ලා යවන ලද අනවසර පණිවිඩ ගැන දැනගන්නට ලැබී තිබූ බවත් ගිණුමේ සැකසුම් තුළ සැකසහිත දෙයක් නොපෙනුණු බවත්ය.
තවද ඇතැම් අවස්ථාවලදී ප්‍රහාරකයින් විසින් ගොදුරු වූ පුද්ගලයින්ගේ WhatsApp කණ්ඩායම්වල පරිපාලක අයිතියද අත්පත් කරගෙන ඇති බව වාර්තා වී ඇති බවත් එම සංසදය සඳහන් කර තිබේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ iOS 16.7.12 ට පෙර උපාංගවලට මෙය බලපෑ හැකි බවට විශ්වාස කරන බවත් එය සාමාන්‍ය ප්‍රහාරවලට වඩා සංකීර්ණ සහ දියුණු ආකාරයේ ක්‍රමවේදයක් ලෙස සැලකෙන බවත්ය.
ඒ අනුව iPhone පරිශීලකයින් විසින් වහාම සිය iOS නවතම සංස්කරණයට යාවාත්කාලීන කරගන්නා ලෙසත් WhatsApp හී නවතම යාවාත්කාලීන කිරීම ස්ථාපනය කරගන්නා ලෙසත් ඔවුන් දැනුම් දී තිබේ.
තවද Two-Step Verification සහ Chat Lock ක්‍රමය සක්‍රීය කරගන්නා ලෙසත් දැනුම්දී ඇති ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අසාමාන්‍ය මුදල් ඉල්ලීම් ලැබුණහොත් විශ්වාසදායක වෙනත් සන්නිවේදන මාර්ගයකින් තහවුරු කරගන්නා ලෙසත් පරිශීලකයින් වෙත දැනුම්දී ඇත.

