brand logo
logo
IPLඅවසන් වටයේ තරග හෙට සිට

IPLඅවසන් වටයේ තරග හෙට සිට

25 May 2026


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත.


ඒ අනුව, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය, ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථානනයට පත්වු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.


එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගනු ලබයි.


පරාජයට පත්වු කණ්ඩායම, ලකුණු සටහනේ 03 වන සහ 04 වන ස්ථානවලට පත්වු රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ යළි තරග වැදීමට නියමිතයි.


එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවන කණ්ඩායම බවට පත්වනු ඇත.

 

More News..