නෙවිල් ද සිල්වා යළි රිමාන්ඩ්
20 December 2024 | ගයාන් කුඩාගම රත්නපුර
නෙවිල් ද සිල්වා යළි රිමාන්ඩ්
20 December 2024 | ගයාන් කුඩාගම රත්නපුර
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුනීසා හේසානි රුද්‍රි නියෝග කරයි.
රුපියල් කෝටි 14 ක් වටිනා මැණික් වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශිකව පැමිණිලිකරුට ලබාදිම ගැන අත් අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් සමන් දුනීසා හේසානි රුද්‍රිගු අද(20) වනදා නියෝග කළේය .
අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව ව්සින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.
2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබා ගත් බවට පැමිණිල්ලක් කර තිබු බව එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස විවෘත අධිකර ණයයේදි සදහන් කලේ නිසි ව්මර්ශණයකින් තොරව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මැණික් ව්‍යාපරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14 ක මුදලක් ආපසු නොදි වංචා කිරිම ගැන නුගේගොඩ ප්‍රදේශයේ අයෙකු මුලින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැම්ණිළි කර තිබු බවත් එහි ව්මර්ශණ අනුව බි19536/23 යටතේ නුගේගොඩ අධිකරණය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය ට කරුණු ඉදිරිපත් කළේය .
එම පාර්ශව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදි ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ ව්මර්ශණ අතරතුරදි කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැගවි ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දි තිබු බවද ජනා ධිපති නීතීඥවරයා පැවසිය .
පසුව ඔවුන් දෙදෙනා එකගතාවයකටද පැමිණ ඇතැයි ද ජනාධිපති නීතීඥවරයා පැවසිය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ව්සින් ව්මර්ශණ නිසියාකාරව සිදු නොකර සහකාර පොලිස් අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන ඇතැයි සැකකරුගේ නීතීඥවරුන් පැවසුහ.
අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කලේ සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශකවික ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වු බවයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ල අනුව නිසිලෙස ව්මර්ශණ කටයුතු සිදු කර ඇතැයි එම නිළධාරින් අධිකරණයට පැවසිය