brand logo
logo
අනෝජන් වෙනුවෙන් මෙරට නියෝජිතයින් පිරිසක් සෞදියට‍

අනෝජන් වෙනුවෙන් මෙරට නියෝජිතයින් පිරිසක් සෞදියට‍

04 October 2026

මරණ දඬුවම නියමවී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකිරීමේ කටයුතු පිළිබද සොයා බැලීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ලබන අඟහරුවාදා සෞදි අරාබියාව බලා පිටත්ව යාමට නියමිත තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ඇතුළු 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා පිටත්වයාමට නියමිත බව වාර්තා වෙයි.


මේ වන විට එරට අභියාචනාධිකරණය විසින් සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියම කර ඇති අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හවුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සඳහන් වෙයි.

එම නීතිමය කටයුතු පිළිබඳව සෞදි අරාබියාවේ නීතීඥවරුන් සමඟ සාකච්ඡා කර නිවැරදි ආකාරයෙන් එම අභියාචනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.


ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවීම හේතුවෙන් සිවරාසා අනෝජන්ට මරණ දඬුවම ලබාදීමට සෞදි අරාබියානු අභියාචනාධිකරණය පසුගියදා නියෝග කරනු ලැබීය.

ඔහුට ලබාදී ඇති මෙම දඩුවම ලිහිල් කර ගැනීම සදහා රාජ්‍යතාන්ත්‍රක මට්ටමින් මේ වන විටත් මැදිහත්වීමක් සිදුකර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සඳහන් කළේය.

 

More News..