Best News Website award
brand logo
logo
 පළාත් කිහිපයකට පස්වරු 1න් පසු වැසි

පළාත් කිහිපයකට පස්වරු 1න් පසු වැසි

29 November 2026


ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අද (29) පස්වරු 4ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල එම කාලසීමාව තුළ ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.


එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

More News..