brand logo
logo
නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය

නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය

05 November 2026

නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.


අද (05) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.


ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා ද අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත ගොස් තිබූ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික හෙරොයින් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බවය.


එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.


එහිදී ධීවරයින් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද අද උදෑසන දික්ඕවිට ධීවරාය වෙත රැගෙන විත් තිබුණි. 

 


 

More News..