brand logo
මුජිබර් රහුමාන්ගේ තැනට ෆවුසි එයි

මුජිබර් රහුමාන්ගේ තැනට ෆවුසි එයි

2 months ago

Share on

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසිගේ නම ගැසට් කර තිබේ.


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය 20 වනදා ඉල්ලා අස්වී තිබුණි.


මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමත් සමග හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසිට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.


ඒ අනුව පරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසිගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන්ය.

You may also like