විදේශිකයන්ට විශ්‍රාමික දිවිය ගතකිරීමට දැරියහැකි හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව
22 February 2026
විදේශිකයන්ට විශ්‍රාමික දිවිය ගතකිරීමට දැරියහැකි හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව
22 February 2026
2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.
ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් 'International Living' සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.
ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

