brand logo
logo
තුර්කියේ භූකම්පන මාලාවක්

තුර්කියේ භූකම්පන මාලාවක්

24 April 2025

තුර්කියේ ඉස්තාන්බුල් නගරයට රික්ටර් මාපකයේ 6.2 ක කම්පනයක් ඇතුළු භූ කම්පන මාලාවක් ඇති වී ඇති වී තිබේ.


එයින් ගොඩනැගිලි සෙලවී ඇති අතර ජනතාව නිවෙස්වලින් පිටතට පැමිණ ඇති බව සඳහන් වේ.


කම්පන ඇති වු අවස්ථාවේ ඇතැම් ජනතාව තට්ටු නිවාස සහ උස් ස්ථානවලින් පැනීමෙන් හේතුවෙන් 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


කෙසෙවෙතත් කිසිදු මරණයක් මේ වන තෙක් වාර්තා වී නොමැති අතර සිදු වී ඇති දේපොළ හානිය මෙතෙක් ගණනය කර නොමැති බව වාර්තා වේ.

මෙම භූ කම්පන කිලෝමීටර 6.92 (සැතපුම් 4.3) ගැඹුරින් සිදු වූ බව තුර්කියේ හදිසි සේවා පවසා තිබේ.


කම්පන හේතුවෙන් විශාල පිරිසක් වීදිවල රැඳී සිටි අතර, තවත් ප්‍රබල කම්පනයකින් ආරක්ෂා වීමට බොහෝ දෙනෙක් එළිමහනේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වී සිටින බව සඳහන් වේ.


 

More News..