brand logo
logo
බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

09 November 2026


ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.


ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 0.59%ක පහළ යාමකි.


එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 97.31ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 1.06%ක් ලෙස සටහන් වී තිබේ.


මේ අතර, Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 99.17ක් ලෙසය.


එය පසුගිය වෙළෙඳ සැසියේදී බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.89කින් අවසන් වූ නමුත් මේ වන විට පෙර වාර්තා වූ මිලට සාපේක්ෂව ඩොලර් 3.28ක හෙවත් 3.42%ක ඉහළ යාමක් ලෙස සටහන් වී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට සිදුවූ පසුබෑමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් සමනය වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවූ අපේක්ෂා බොරතෙල් මිල පහළ යාමට බලපා ඇති බවය.

 

More News..