රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්
12 July 2026
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්
12 July 2026
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුව සාර්ථකව නිමාවට පත්ව තිබේ.
එය කොළඹ "නිල මැදුර" හි පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ප්‍රකාශයට පත් කළේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුවම සිදු කිරීමට හැකි වන පරිදි, ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය සංචිතයක් ලබා දීම කෙරෙහි මෙහිදී අවදානය යොමුව තිබේ.
එමෙන්ම යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.
අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබා දෙන බවත්, ඉඩම් භාවිතයේදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවයත් මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පරිපාලනමය ගැටලු සහ සේවා අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් සාකච්ඡාවක් පවත්වා තිබේ.
එමෙන්ම මෙහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු සඳහා විසඳුම් සෙවීමට ද පියවර ගැනිණි.
මෙම සමුළුවට එක්වෙමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර සිටියේ සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු මේ මේ වන විටත් සැලසුම් කර ඇති බවය.
දිස්ත්‍රික් මට්ටමින් එම සංවර්ධන කටයුතු සිදු වන ආකාරය පිළිබඳව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ව දැනුවත් කර ඇති අතර ඒ සඳහා පවතින ගැටලු පිළිබඳව හා එයට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පද්ධතිය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා බදු සහන සෘජුවම ගොවීන්ට ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම සහ රාජ්‍ය ඉඩම් බදු අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් ද අදාළ අමාත්‍යාංශ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර තිබේ.
කෙසේවෙතත් මෙම සමුළුවේ දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කරමින් මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා සියලු නිලධාරීන් කැපවිය යුතු බවය.

