brand logo
logo
ශ්‍රී පාද බැතිමතුන්ට ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් නොමිලේ සත්කාරයක්

ශ්‍රී පාද බැතිමතුන්ට ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් නොමිලේ සත්කාරයක්

03 January 2026

කරුණාව පෙරදැරිව සහ සිය සේවය අරමුණු කරගනිමින්, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් (George Steuart Health) සමාගම මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන දුරුතු පෝය දින වන අද (03) දිනයේ ආරම්භ කරන ලදී.


ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ විඩාව නිවාලමින් ඔවුන්ට සහනයක් සැලසීම වෙනුවෙන් GS Rapidax අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම නොමිලේ භෞතචිකිත්සා සහ ප්‍රතිකාර මධ්‍යස්ථානය නල්ලතන්නිය පිවිසුම අසල ස්ථාපිත කර තිබේ.


බැතිමතුන්ගේ මස්පිඩු වේදනා සමනය කිරීම, ශාරීරික සුවතාවය නැවත ඇති කිරීම සහ වන්දනා ගමන සුඛිත මුදිත කිරීම මෙම සේවාවේ ප්‍රධාන අරමුණයි. ඉතා නිහතමානීව සහ කැපවීමෙන් යුතුව සිදුකරනු ලබන මෙම සත්කාරය, ශ්‍රී පාද වන්දනා සමය නිමාවන ලබන වෙසක් පෝය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.


බැතිමතුන් වෙනුවෙන් සිදුකරනු ලබන මෙම සුළු සත්කාරය, සමාජ වගකීම් ඉටුකිරීමේ උදාර පියවරක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනය හඳුන්වා දෙයි.

 

More News..