ඇදුම රෝගීන් සිටින රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්
15 May 2026 | •වරුණි පෙරමුණ
ඇදුම රෝගීන් සිටින රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්
15 May 2026 | •වරුණි පෙරමුණ
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට හයක් ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇදුම රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුවකළ හැකි බවයි.
එසේම ඇදුම රෝගය ලොවපුරා සුලබව පවතින රෝගයක් බවත් ඉන් මිලියන දෙසිය හැටක පමණ ජනතාව දුක්විඳින බවත් හෙතෙම සඳහන් කළේය. එසේම දෛනිකව ඇදුම රෝගය හේතුවෙන් ලොව පුද්ගලයන් දහසක් මිය යන බවද ඔහු අවධාරණය කළේය. ඇදුම රෝගය සඳහා ලබා දී ඇති ඖෂධ කිසිසේත්ම ගර්භණී මව්වරුන්ට අහිතකර ඖෂධ නොවෙයි.
ශ්‍රී ලංකාව ලෝකයේ ඇදුම රෝගයෙන් පෙළෙන ප්‍රධාන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් වන අතර ඇදුම රෝගය නිසා කුඩා දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉතා විශාල මානසික සහ ශාරීරික අපහසුතාවන්ට මුහුණ දෙනු ලබයි. නිසි ආකාරයට පාලනය නොකරන ලද ඇදුම රෝගය නිසා ඇතැම්විට මරණය පවා සිදුවිය හැකි බවටද වෛද්‍යවරු අවධාරණය කරයි.
ඇදුම රෝගීන්ගෙන් 95%ක් පමණ සරල, ඉතා ලාභදායි ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ඖෂධ මගින් පාලනය කළ හැකියාව පවති.

