මේ සතියේ පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වෙයි
15 April 2026
මේ සතියේ පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වෙයි
15 April 2026
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය හෙට (16) නොපැවැත්වෙයි.
එමෙන්ම අනිද්දා (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කරයි

