brand logo
logo
බදුල්ලේ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන

බදුල්ලේ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන

24 October 2026

“සසුනෝදය” වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 100ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්‍රික් අදියර ඊයේ (23) ආරම්භ විය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 50ක මූල්‍ය ප්‍රතිපාදන නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණි.


වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි උත්සවය පැවැත්විණි.


බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කිරීම උදෙසා රජයේ සක්‍රීය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරි වසරවලදී ද ඌව පළාත පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.


මෙම අවස්ථාව සඳහා අතිපූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකතුමන්ලා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, බණ්ඩාරවෙල නගරාධිපති සාගරදීර විශ්ව වික්‍රම ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන්, ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම අදාළ විහාරස්ථානවල දායක සභාවන්හි නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

 

More News..