brand logo
logo
එල් නිනෝ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

එල් නිනෝ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

08 October 2026

මෙම වසරේ එල් නිනෝ බලපෑම දෙසැම්බර් මාසයේදී උපරිම තත්ත්වයට පැමිණීමට පෙර තවදුරටත් තීව්‍ර වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


ඒ අනුව ඉදිරියේදී සාගර ජලය මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනු ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.


මෙම එල් නිනෝ බලපෑම එළඹෙන 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බව ද සඳහන් වෙයි.

ජාත්‍යන්තර කාලගුණවිද්‍යා සංගමයේ වාර්තාවලට අනුව 1950 වර්ෂයෙන් පසු ලෝකයට බලපෑ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය මෙයයි.


මීට අමතරව චිකාගෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව පසුගිය ජූනි මාසයේ සිට එළැඹෙන පෙබරවාරි මාසය දක්වා කාලය තුළ පැවතිය හැකි අති ප්‍රබල එල් නිනෝ තත්ත්වය මරණ හාරලක්ෂ 51,000කට අධික ප්‍රමාණයකට හේතු වනු ඇති බව සඳහන්.

 

More News..