brand logo
logo
මධ්‍යම කදුකරයට තද වැසි

මධ්‍යම කදුකරයට තද වැසි

04 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඊයේ සහ අද (03,04) දිනවල පස්වරුවේ ගිගුරුම් සහිත අධික වැසි පතිත විය.


අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර, පවතින වර්ෂාවත් සමග රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.


පවතින වර්ෂාවත් සමග හැටන්- නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

More News..