brand logo
logo
හෝමාගම Crimes OIC නොවැ.12 දක්වා රිමාන්ඩ්

හෝමාගම Crimes OIC නොවැ.12 දක්වා රිමාන්ඩ්

29 October 2026

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.


මෙම සිද්ධියට අදාළව පසුගිය 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණි.

 

 

More News..