සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ අයෙකුට ලක්ෂ 4කට අධික දඩයක්
05 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ අයෙකුට ලක්ෂ 4කට අධික දඩයක්
05 August 2026
කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලුවී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරුවෙකුට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්ෂ 4කට අධික දඩයක් නියම කර තිබේ.
ඒ සැකකරු අද (05) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී සැකකරුට වරද පිලිගත් නිසා රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් රු.400,00ක දඩ මුදලක්ද, එම රක්ෂිතයේ ගිනිතැබීම තුලින් හෙක්ටයාරයකට සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කර තිබේ.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කරන ලද්දේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකුටය.
සැකකරු ජූලි 21 දින එම රක්ෂිතයට ඇතුලුවී රක්ෂිතයට ගිනි තබා තිබේ.
පසුව නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කර රක්ෂිතයට ගිනි තැබූ සැකකරු අල්ලා බැදුම්කරයක් මත මුදාහැර අද (05) සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

