පැය 5 ක් තිස්සේ කතාව ඇහුවාට අපට තෑගි දෙන්න - හර්ෂ ද සිල්වා
13 November 2026 | සාලිය කුමාර ගුණසේකර
පැය 5 ක් තිස්සේ කතාව ඇහුවාට අපට තෑගි දෙන්න - හර්ෂ ද සිල්වා
13 November 2026 | සාලිය කුමාර ගුණසේකර
“පැය පහක් තිස්සේ අය වැය කතාව අහගෙන හිටියාට හරි විදිහට නම් අපිට තෑග්ගක් දෙන්න ඕනෑ’’ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
ජනාධිපතිවරයාගේ අය වැය කතාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
‘‘ආර්ථික පරිවර්තනය ගැන කතා කළා. ආර්ථික පරිවර්තන පනතක් තියෙද්දී ආර්ථික පරිවර්තනය කියලා කතා කරන්න පුළුවන්, ලස්සනට. කොළේ ලියන්න පුළුවන්. හැබැයි ආර්ථිකය පරිවර්තනය කරන ක්‍රමය මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕනෑ’’ යැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.


