හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙක් මියයයි
25 October 2026
හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙක් මියයයි
25 October 2026
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි, දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාර නැමැත්තෙකි.
මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය විසින් කරන ලද දැඩි පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. අද (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසිය වෙත ගිය අවස්ථාවේදී, ඔහුට පොලිසිය විසින් පහරදී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ඔවුන් පවසති.
පසුව, ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගියද, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් දැඩි ලෙස පෙන්වා දෙති.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රකාශ කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ මෙම සැකකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව හෝමාගම මහේස්ත්රාත් අධිකරණය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

