පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මේස ලාච්චුවේ තිබූ ලක්ෂ 30ක් අතුරුදන්
03 November 2026
පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මේස ලාච්චුවේ තිබූ ලක්ෂ 30ක් අතුරුදන්
03 November 2026
ජාතික ජන බලවේගයට අයත් පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ මේස ලාච්චුවේ තිබී රුපියල් ලක්ෂ 30ක මුදලක් සොරාගෙන ඇතැයි පවසමින් සභාපතිවරයා විසින් පෙරේදා (01) දින බදුරළිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ
2026.09.15 වැනිදා රාජකාරියේ යෙදී සිටියදී උප සභාපති පුද්ගලික මුදල් රුපියල් ලක්ෂ 30ක මුදලක් පසුව ලබා ගන්නා තෙක් තමාගේ බාරයේ තබා ගැනීමට ලබා දුන් බව, සභාපතිවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.
එම මුදල් කළු පාටට හුරු බෑගයක දමා තමාගේ මේසයේ දෙවන ලාච්චුවට දමා ලොක් කළ බවත්, එම මුදල් දිනපතා පරික්ෂා කර බැලූ බවත්, ඔහු සඳහන් කර තිබේ.
ඉකුත් මස 07 වැනිදා පෙරවරු 11.00ට තමන් මේස ලාච්චුවේ යතුර තමාගේ කාර්යාල කාර්ය සහායකවරයා වෙත නිල මුද්‍රාව ලබා ගැනීමට ලබාදුන් බවත්, ඔහු නිල මුද්‍රාව ලබාගෙන යතුර ලාච්චුවේම තබා ගොස් ඇති බවත්, පසුදින (08) දහවල් 01.15ට පැමිණ නිල කාමරයට පැමිණ මුදල් පරික්ෂා කරන අවස්ථාවේදී ලාච්චුවේ මුදල් නොමැති බව දැන ගත් බවත්, පැමිණිල්ලෙ තවදුරටත් සඳහන්.
එදින සිට මුදල් සම්බන්ධයෙන් සොයා බලූ බවත්, පසුගිය 14 වැනිදා පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි බවත්, තමා තවදුරටත් මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමෙන් හා පක්ෂයේ අනෙකුත් අය සමග සාකච්ඡා කර තවදුරටත් සොයා බලා පැමිණිලි කිරීමට සිතා එදින පැමිණිලි නොකර ගිය බවත්, ඔහු සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ද දැනුවත් කිරීමෙන් පසුව හා එම අයගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (01) පැමිණිලි කිරීමට පැමිණි බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

