බදුල්ලේ ගොඩනැගිලි අටදහසක් නායයාම් අවදානමක
09 November 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
බදුල්ලේ ගොඩනැගිලි අටදහසක් නායයාම් අවදානමක
09 November 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි අටදහසකට වැඩි ප්‍රමාණයක් නාය අධි අවදානම් තත්ත්වයේ තිබෙන බවත් තවත් පන්දහසක් පමණ මධ්‍ය අවධානම් තත්ත්වයේ තිබෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාංඥ හර්ෂනී පෙරේරා සඳහන් කළාය.
ලබන දෙසැම්බර් මාසයෙන් පසුව වැසි තත්ත්වය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 පුරාම ව්‍යාප්ත වී ගොස් නාය අවධානමක් නැතැයි කිව හැකි කොට්ඨාශයක් නැතිවන තත්ත්වයක් ඇතිවනු ඇති බවද භූ විද්‍යාඥවරිය කියා සිටියාය.
හර්ෂණී පෙරේරා අනාවරණය කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගමගේ ප්‍රධානත්වයෙන් රිවසයිඩ් හෝටලයේදී පසුගිය දා පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාංඥ හර්ෂනී පෙරේරා එහිදී මෙසේද පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ලැබෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හුඟාක් වෙලාට උදේ වරුවේ පායල තිබිල හවස්වරුවේ දෙකෙන් තුනෙන් පස්සේ අධික වර්ෂාවක් පතිත වෙනවා. හැබැයි සමහර වෙලාවට අනපේක්ෂිත විදියට ඇතිවන තත්තවය සහ ඒකෙන් නාය යාම් සහ කණ්ඩි කඩාවැටීම් ඇතිවෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ ඊශාන දිග මෝසම සක්‍රීය වෙන්නේ දෙසැම්බර් මාසයේ. දෙසැම්බර් මුල හෝ මැද ඒකත් කාලනේ කාලෙට වෙනස් වෙනවා.
ඊශාන දිග මෝසම සක්‍රිය වුණාට පස්සේ බොහෝ වෙලාවට මුළු දවස පුරාම බදුල්ල දිස්ත්‍රික්කයට වර්ෂාපතනය ලැබෙනවා. එතකොට ඒ වර්ෂාවත් එක්ක පොළව පැළුම් පූර්වලක්ෂණත් එක්ක ලොකු ප්‍රමාණයේ නාය යාම් සක්‍රීය වෙන්න පටන් ගන්නවා. පොදුවේ ගත්කළ ලබන වසරේ ජනවාරි පෙබරවාරි වන කොට දැන් පටන් අරගෙන තියෙන අධික වර්ෂාව නිසා නාය යාම්වලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.
දිට්වාවලට පස්සේ අධි අවධානම් අධි අවධානම් ගොඩනැගිලි ඒකක අටහසකට වැඩි ප්‍රමාණයක් සහ මධ්‍ය අවධානම් ගොඩනැගිලිි ඒකක පන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. අපි අවධානම් නිවේදන නිකුත් කරන කොට ආරක්ෂක ස්ථාන කරා ඉවත් කිරීම තමයි දැනට අපට ප්‍රායෝගික කරන්න පුළුවන් හොඳම දෙය. ඒ සඳහා ජාතික ගෙඩනැගිලි පර්යේෂණ ආයතනය විදියට අපි සූදානමින් ඉන්නවා.

